දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (26) පෙරවරු 09:00ට නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (27) පෙරවරු 09:00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වේ.
කඳුකර බෑවුම් හා නායයෑම් ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට පියවර ගන්නා ලෙසත් අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මට්ටම 2 - අවධානයෙන් සිටින්න (ඇම්බර් අනතුරු ඇඟවීම)
අධික වැසි සහිත කාලගුණය හමුවේ පහත සඳහන් දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ (ඇම්බර්) නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
- කළුතර දිස්ත්‍රික්කය: වලල්ලාවිට සහ බුලත්සිංහල
- කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට සහ ගලිගමුව
- නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව කෝරළය සහ නොර්වුඩ්
- රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම සහ නිවිතිගල
මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ අනතුරු ඇඟවීම)
අධික වැසි සහිත කාලගුණය හමුවේ පහත සඳහන් දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ (කහ) විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
- ගාල්ල දිස්ත්‍රික්කය: තවලම
- ගම්පහ දිස්ත්‍රික්කය: අත්තනගල්ල
- කළුතර දිස්ත්‍රික්කය: මදුරාවල, බේරුවල, මිල්ලනිය සහ හොරණ
- මහනුවර දිස්ත්‍රික්කය: උඩදුම්බර, පස්බාගේ කෝරළය, උඩපළාත සහ උඩුනුවර
- කෑගල්ල දිස්ත්‍රික්කය: කෑගල්ල, මාවනැල්ල, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ යටියන්තොට
- කුරුණෑගල දිස්ත්‍රික්කය: නාරම්මල සහ කුරුණෑගල
- රත්නපුර දිස්ත්‍රික්කය: කිරිඇල්ල සහ ඕපනායක
Comments
Moderated before publishing. Your email stays private.