Swipe left or right to navigate stories
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනේ

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනේ

අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව එළඹෙන සිකුරාදා දිනයේදී (24) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂය විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව අද (22) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

අදාළ විශ්වාසභංග යෝජනාව කල් නොදමා හැකි ඉක්මනින් එළඹෙන සිකුරාදා දිනයේදීම විවාදයට ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මෙහිදී ඉල්ලා සිටියහ.



විපක්ෂයෙන් පසුගාමී ස්ථාවරයක්

ආණ්ඩු පක්ෂයේ මෙම කඩිනම් යෝජනාව හමුවේ සියලු දෙනා විමතියට පත් කරමින් විපක්ෂය යම් පසුගාමී ස්ථාවරයක් පෙන්නුම් කර ඇති අතර විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම විශ්වාසභංග යෝජනාව සිකුරාදා දිනයේදී විවාදයට ගැනීමට දැඩි අකමැත්තක් පළ කර තිබේ.

සිකුරාදා දිනයේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව ඇති බැවින් එදින විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සුදුසු නොවන බව විපක්ෂ නායකවරයාගේ තර්කය විය.

කෙසේ වෙතත් පෞද්ගලික මන්ත්‍රී යෝජනා වෙනුවට මෙම විශ්වාසභංග යෝජනාව සිකුරාදාම විවාදයට ගත යුතු බවට ආණ්ඩුව දැඩි ලෙස පෙනී සිටි අතර අවසානයේ ආණ්ඩුව ඉදිරිපත් කළ එම යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සම්මත විය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem