Swipe left or right to navigate stories
අතුරුගිරියේදී මෙට්‍රෝ බස් රථයක ගැටුණු පෞද්ගලික බසයට තාවකාලික ධාවන තහනමක්

අතුරුගිරියේදී මෙට්‍රෝ බස් රථයක ගැටුණු පෞද්ගලික බසයට තාවකාලික ධාවන තහනමක්

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පෞද්ගලික බස් රථයක් සඳහා තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ (08) දින සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් මෝටර් රථ පරීක්ෂකවරයෙකු ලවා අදාළ පෞද්ගලික බස් රථය පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී එම බස් රථය නිසි ආකාරයෙන් නඩත්තු කර නොමැති බවට කෙරුණු නිර්දේශය පදනම් කරගනිමින් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් මෙම තාවකාලික ධාවන තහනම පනවා තිබේ.



අනතුර සිදු වූ ආකාරය සහ විමර්ශන

මිලේනියම් සිටි - පිටකොටුව මාර්ගයේ ගමන් ගත් මෙට්‍රෝ බස් රථයේ මෙම පෞද්ගලික බස් රථය ගැටී ඇත්තේ, අතුරුගිරිය බස් නැවතුම්පොළ තුළ එය නැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගැනීමේදීය. අතුරුගිරිය - පිටකොටුව මාර්ගයේ ධාවනය වන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

සිදුවීමට අදාළව සිදුකළ විමර්ශනවලදී අනතුර සිදුවන ආකාරය සටහන් වූ CCTV දර්ශනද පොලිසිය භාරයට ගෙන ඇති අතර ඒ අනුව අද (10) දිනයේදී කඩුවෙල අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

අනතුරට සම්බන්ධ බස් රථ දෙකෙහිම රියදුරන් මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටද පොලිසිය කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ලැබුණු පරීක්ෂණ වාර්තාවලට අනුව රියදුරන් දෙදෙනාගෙන් කිසිවෙකුත් මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තහවුරු වී ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem