Swipe left or right to navigate stories
අංක ලක්ෂයක් ඉදිරියට ඇති වාහන අංක සඳහා ලක්ෂ 10 ක මිලක්

අංක ලක්ෂයක් ඉදිරියට ඇති වාහන අංක සඳහා ලක්ෂ 10 ක මිලක්

මෝටර් වාහන සඳහා දැනට නිකුත් කරන අංක වලින් අංක 100,000 ක් ඉදිරියට විශේෂ අංකයක් මුදල් ගෙවා ලබාගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ අදාළව අංක 2470/14 දරන අති‍ විශේෂ ගැසට් නිවේදනයේ 2026 ජනවාරි 5 දින පළ කරන ලද මෝටර් වාහන පනත යටත්වය.

මෝටර් වාහන සඳහා නිකුත් කරන අංක වලින් අංක 100,000 ක් ඉදිරියට විශේෂ අංකයක් වෙන් කිරීමේදී එක් අංකයක් සඳහා රු. 1,000,000 ක ගාස්තුවක් අය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මේ අනුව අවසරය හිමි වේ.

මෙසේ විශේෂ අංක තහඩු නිකුත් කිරීම මගින් 2023, 2024 සහ 2025 වර්ෂවල රු. 319,000,000 ක පමණ ආදායමක් උත්පාදනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ලැබි ඇත. මෝටර් සයිකල්, මෝටර් ට්‍රයිසිකල් සහ මෝටර් ට්‍රයිසිකල් වෑන් රථ හැර වෙනත් සියලුම මෝටර් වාහන සඳහා මේ අනුව මුදල් ගෙවා විශේෂ අංක ලබා ගැනීමට අවසර හිමි වනු ඇත.

මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මී‍න්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, නිමල් පලිහේන සහ විජේසිරි බස්නායක යන මහත්වරු මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වූහ.

එසේම මෙහිදී වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කාරක සභාවේ සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ අංක තහඩු නිකුත් කිරීම සඳහා මේ වන විට ආයතනයක් සමග ගිවිසුම් ගතවී ඇති බවත් මාස 3ක් ඇතුළත වාහන අංක තහඩු නිකුත් කිරීමට එම ආයතනය සැලසුම් කොට ඇති බවත්ය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem