Swipe left or right to navigate stories
'WORLD ODYSSEY' පාවෙන විශ්වවිද්‍යාල නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

'WORLD ODYSSEY' පාවෙන විශ්වවිද්‍යාල නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

මුහුදු ගමන් අතරතුරදීම දේශන සහ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන, බහමාස් ධජය යටතේ යාත්‍රා කරන ‘WORLD ODYSSEY’ මගී නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම නෞකාවෙන් සිසුන් සහ ආචාර්ය මණ්ඩල සාමාජිකයින් 524 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර නෞකාවේ කාර්ය මණ්ඩලය 181 දෙනෙකුගෙන් සමන්විත වේ.

එළඹෙන නොවැම්බර් 23 වැනිදා දක්වා මෙම නෞකාව කොළඹ වරායේ නැංගුරම්ලා තැබීමට නියමිතය.



දිවයිනේ සංචාරක ගමනාන්ත සහ විශ්වවිද්‍යාල වෙත සංචාර

නෞකාවෙන් පැමිණි සිසුන් වැඩි පිරිසක් මේ වන විටත් මහනුවර සහ දකුණු පළාතේ සංචාරක ප්‍රදේශ වෙත පිටත්ව ගොස් ඇති අතර තවත් කණ්ඩායම් කොළඹ නගරය අවට සංචාරවල නිරත වෙමින් සිටිති.

මීට අමතරව මෙරට විශ්වවිද්‍යාල කිහිපයකට ගොස් අධ්‍යයන හා සංස්කෘතික අත්දැකීම් හුවමාරු කරගැනීමටද මෙම සිසු කණ්ඩායම් සඳහා විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබේ.



මෙරට සංචාරක ක්ෂේත්‍රයට සෘජු ආර්ථික ප්‍රතිලාභ

නෞකාවේ පැමිණි සියලුම මගීන් සංචාරක වීසා යටතේ මෙරටට ඇතුළු වී ඇති බැවින්, එමඟින් රටට සෘජු විදේශ විනිමය ආදායමක් හිමිවන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එමෙන්ම ඔවුන්ගේ මෙරට රැඳී සිටින කාලය තුළ හෝටල්, ප්‍රවාහන සේවා ආයතන ඇතුළු දේශීය සංචාරක ව්‍යාපාර රැසකට සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ හිමිවනු ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem