චීනයේ සන්යා නුවරදී පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්රීඩා උළෙලේ කාන්තා මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට ශ්රී ලංකාවේ නිපුනි වාසනා සමත් වූවාය.
කිලෝ ග්රෑම් 50 බර පංතියේ අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස වියට්නායමයේ තී කිම් ඔවාන් පරාජය කරමින් නිපුනි එම පදක්කමට හිමිකම් කීවාය.
මෙම පදක්කමට අමතරව මෙවර තරගාවලියේදී මළල ක්රීඩා සහ කබඩි යන ඉසව්වලන් තවත් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමටද ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ.
Comments
Moderated before publishing. Your email stays private.