Swipe left or right to navigate stories
චාල්ස් රජු සහ කැමිලා රැජිණ ඇමරිකාවේ සංචාරයක

චාල්ස් රජු සහ කැමිලා රැජිණ ඇමරිකාවේ සංචාරයක

තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජිණ සිවුදින නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (27) ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණයහ.

මෙය 2007 වසරේ දෙවැනි එලිසබෙත් රැජිණගේ ඇමරිකානු සංචාරයෙන් පසුව බ්‍රිතාන්‍ය රජෙකු ඇමෙරිකාවේ සිදුකරන පළමු රාජ්‍ය සංචාරයයි.

මේරිලන්ඩ්හි ඇන්ඩෲස් හමුදා ගුවන් තොටුපළ වෙත පැමිණි රාජකීය යුවළ, පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේදී උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

මෙම සංචාරය තුළ විශේෂ වැඩසටහන් කිහිපයක් සැලසුම් කර ඇති අතර චාල්ස් රජු අද (28) දිනයේදී ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය ඇමතීම ඉන් ප්‍රධාන තැනක් ගනී.

ජාත්‍යන්තර වශයෙන් දැඩි අභියෝග එල්ල වී ඇති මෙවන් අවධියක, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සඳහා වෙනදාටත් වඩා එක්ව නැගී සිටීම අත්‍යවශ්‍ය බව රජුගේ කතාවේදී ප්‍රකාශයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය සෙනසුරාදා වොෂින්ටන් ඩී.සී. හි ජනාධිපතිවරයා සහභාගී වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් විධිවිධාන දැඩි කිරීමට පියවර ගෙන ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem