Swipe left or right to navigate stories
37 වැනි සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා ප්‍රියන්ත : හොඳම සහ ජනප්‍රියම නිළිය සැන්ඩ්‍රා

37 වැනි සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා ප්‍රියන්ත : හොඳම සහ ජනප්‍රියම නිළිය සැන්ඩ්‍රා

ශ්‍රී ලාංකීය සිනමාවේ සුවිශේෂී කලා මංගල්‍යය වන 37 වැනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපට නළුවා ලෙස ප්‍රියන්ත සිරිකුමාර සම්මාන ලැබූ අතර ජනප්‍රිය චිත්‍රපට නිළිය සහ හොඳම චිත්‍රපට නිළිය යන සම්මාන ද්විත්වයම හිමිකර ගැනීමට සැන්ඩ්‍රා මැක් සමත් වූවාය.

සැප්තැම්බර් 09 වැනිදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැති මෙවර සම්මාන උළෙලේදී ජනප්‍රිය චිත්‍රපට නළුවා ලෙස දමිත් විජේතුංග සම්මාන දිනාගත්තේය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) සහ 'සරසවිය' පුවත්පත එක්ව සංවිධානය කළ මෙවර සම්මාන උළෙල "තරුණ සිනමාවේ අරුණෝදය" යන තේමාව යටතේ පැවැත්විණි.

ඒ අනුව 2025 වසරේදී නවක අධ්‍යක්ෂවරුන් 13 දෙනෙකු ලාංකේය සිනමාවට පිවිසීම මෙහිදී සලකුණු කෙරුණු අතර 2025 වසර තුළ තිරගත වූ සිංහල සිනමාපට ඇගයීමට ලක් කරමින් තරඟකාරී අංශ 34 ක් යටතේ සම්මාන 50 කට අධික ප්‍රමාණයක් පිරිනමන ලදී.



සම්මාන ලැබූ චිත්‍රපට සහ විශේෂ සම්මාන

  • හොඳම ආකර්ෂණීය චිත්‍රපටය: ඉලංගෝ රාජ් අධ්‍යක්ෂණය කළ 'නෙලුම් කුළුණ' චිත්‍රපටය

  • වැඩිම ආදායම් ලැබූ ජනප්‍රිය චිත්‍රපටය: තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ 'මෝඩ තරිඳු' චිත්‍රපටය

  • රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය: ජ්‍යෙෂ්ඨ සිනමා මාධ්‍යවේදී ප්‍රේම් දිසානායක මහතාට

  • සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මාන: ප්‍රවීණ කලාකරු හේමසිරි සෙල්ලප්පෙරුම, ජ්‍යෙෂ්ඨ නිරූපනවේදී නීටා ප්‍රනාන්දු, ප්‍රවීණ ගායක ටී.එම්. ජයරත්න සහ එම්.එම්. අබ්දුල් හග් යන මහත්ම මහත්මීන් වෙත





සිනමාවේ නැගිටීම සහ ඔස්කාර් නියෝජනය

උත්සවයේදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ 1964 සිට පැමිණි මෙම ගමන පිළිබඳව අභිමානවත් සතුටක් ඇති බවය.

මහාචාර්ය තිස්ස රණසිංහයන් නිර්මාණය කළ සරසවිය සම්මානය ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සම්මානයක් බව පැවසූ අමාත්‍යවරයා, පසුගිය වසරේ සහ මෙවසරේදී නැවතත් සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයින් පැමිණීම සුබදායක ලකුණක් බවත්, ඉදිරියේදී ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ පළමු වතාවට ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමට මෙරට චිත්‍රපටයක් සූදානමින් සිටින බවත් සඳහන් කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem