22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත්වල දෙවැනි වර කියවීම් එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
අද (10) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම පනත් කෙටුම්පත්වලට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් මෙම මස මුලදී විභාග කිරීමෙන් අනතුරුව, ඊට අදාළ ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු කථානායක ජගත් වික්රමරත්න මහතා වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Comments
Moderated before publishing. Your email stays private.