22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 95 කින් සම්මත විය.
අදාළ පනත් කෙටුම්පත් දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 158 ක්ද, විපක්ෂව ඡන්ද 63 ක්ද හිමි විය.
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්දයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ වූ අතර අද දින නිමාවට පත් විය.
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව සහ පසුබිම
මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වන ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව පසුගිය 22 වැනි අඟහරුවාදා කථානායක ජගත් වික්රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
එහිදී 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් පමණක් එය සම්මත කිරීම ප්රමාණවත් බවටත් ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි.
එලෙසම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට ද ශ්රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.
යෝජිත සංශෝධන
යෝජිත ව්යවස්ථා සංශෝධනය මගින් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්රාම යෑමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යෑමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාද ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
එසේම අග්ර විනිශ්චයකාරවරයා අවුරුදු 67 සම්පූර්ණ වූ විට හෝ ධුරයේ වසර හයක් සම්පූර්ණ වූ විට (එයින් පළමුව සිදුවන අවස්ථාවේදී) විශ්රාම ලැබිය යුතු බවටද එහි යෝජනා කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.