Swipe left or right to navigate stories
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම හෙට (1) දින සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම් සලකා බැලීමේ කාල සීමාව අද (31) දිනයෙන් අවසන් වන අතර අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්ද නම් කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන්, ගිහාන් කුලතුංග යන මහත්වරුන් කටයුතු කරති.



පෙත්සම් 30ක් අධිකරණයට

අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා විසින් පසුගිය 18 වැනිදා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඊට එරෙහිව විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබේ.

වාර්තා වන පරිදි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ දක්වා පෙත්සම් 27ක් ඉදිරිපත් කර ඇති අතර එම කෙටුම්පතට පක්ෂවද පෙත්සම් 3ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem