22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායක ජගත් වික්රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.
ඒ අනුව කථානායකවරයා විසින් අදාළ තීරණය ඉදිරියේදී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.
පනත් කෙටුම්පත සහ පෙත්සම් විභාගය
පසුගිය අගෝස්තු මස 18 වැනිදා 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ අතර ඒවා විභාග කළ අගවිනිසුරුවරයාගේ සභාපතීත්වයෙන් යුත් පංචපුද්ගල විනිසුරු මඩුල්ල පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය පිළිබඳ තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව දැනුම් දී තිබිණි.
පාර්ලිමේන්තු විවාදය 24 සහ 25
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කරන ලදී.
Comments
Moderated before publishing. Your email stays private.