Swipe left or right to navigate stories
2030 වන විට අධිවේගී මාර්ග පද්ධතියට තවත් කිලෝමීටර 132ක් එකතු කිරීමට රජයේ අවධානය

2030 වන විට අධිවේගී මාර්ග පද්ධතියට තවත් කිලෝමීටර 132ක් එකතු කිරීමට රජයේ අවධානය

0:00

Key Takeaways

  • 2030 වන විට අධිවේගී මාර්ග පද්ධතියට කිලෝමීටර 132ක් එකතු කිරීමට රජය ඉලක්ක කර ඇත.
  • අමාත්‍යාංශය ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි.
  • කඩවත සිට මීරිගම දක්වා සහ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී.
  • ශ්‍රී ලංකාවේ ජාතික මහාමාර්ග කිලෝමීටර 12,622ක් සහ අධිවේගී මාර්ග කිලෝමීටර 313ක් පවතී.
  • කුරුණෑගල - දඹුල්ල සහ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘති 2023 අවසන් වීමට පෙර ආරම්භ කිරීමට නියමිතයි.

2030 වන විට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට කිලෝමීටර 132ක් එකතු කිරීමට රජය සැලසුම් කරයි. අමාත්‍යාංශය ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, කඩවත සිට මීරිගම සහ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී.

2030 වසර වන විට දිවයිනේ අධිවේගී මාර්ග පද්ධතියට තවත් කිලෝමීටර 132ක් එකතු කිරීම රජයේ ඉලක්කය වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් අමාත්‍යාංශය සඳහන් කළේ මෙම දුර ප්‍රමාණය ආවරණය වන පරිදි ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

එම ව්‍යාපෘති අතුරින් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර 37ක කොටස සහ තෙවැනි අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර 33ක කොටසෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.



පසුබිම

මාර්ග සංවර්ධන අධිකාරියේ දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ජාතික මහාමාර්ග කිලෝමීටර 12,622ක් සහ ධාවනය සඳහා විවෘත වූ අධිවේගී මාර්ග කිලෝමීටර 313ක් පවතී.

දැනට සිදුවෙමින් පවතින ඉදි කිරීම්වලට අමතරව කුරුණෑගල සිට ගලේවෙල දක්වා සම්බන්ධ වන කිලෝමීටර 38ක දුරින් යුත් කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩකටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට නියමිතය.

තවද කිලෝමීටර 24ක දුරක් ආවරණය වන රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියරද මේ වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem