2027 වසර සඳහා වූ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන සහ නිවාඩු කාලසීමාවන් අධ්යාපන අමාත්යාංශය විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ.
යෝජිත රජයේ නිවාඩු දින හා පාසල් දිනදර්ශනයට අනුව 2027 වසරේ සියලුම පාසල් දින 197 ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
කාලසටහන අනුව සිසුන්ට පළමු වාරයෙන් පසුව දින 15 ක්ද, දෙවැනි වාරයෙන් පසුව දින දින 29 ක්ද, තෙවැනි වාරයෙන් පසුව දින 31 ක්ද නිවාඩු හිමිවනු ඇත.
පාසල් වාර සහ නිවාඩු
අධ්යාපන අමාත්යාංශය නිකුත් කළ නිවේදනයට අනුව පාසල් වාර සහ නිවාඩු කාලසීමාවන් පහත පරිදි වේ.
- පළමු වාරය: 2027 ජනවාරි 4 (සඳුදා) සිට 2027 අප්රේල් 9 (සිකුරාදා) දක්වා පැවැත්වේ. පළමු වාර නිවාඩුව 2027 අප්රේල් 10 සිට අප්රේල් 25 දක්වා හිමිවේ.
- දෙවැනි වාරය: 2027 අප්රේල් 26 (සඳුදා) සිට 2027 ජූලි 30 (සිකුරාදා) දක්වා ක්රියාත්මක වන අතර දෙවන වාර නිවාඩුව 2027 ජූලි 31 සිට අගෝස්තු 29 දක්වා ලබා දීමට සැලසුම් කර ඇත.
- තෙවැනි වාරය: 2027 අගෝස්තු 30 (සඳුදා) දින ආරම්භ වී 2027 දෙසැම්බර් 3 (සිකුරාදා) දිනෙන් අවසන් වේ.
උසස් පෙළ සහ සාමාන්ය පෙළ
එමෙන්ම 2027 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2027 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතය. අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගය 2027 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.
2027 වර්ෂයේ 12 ශ්රේණියේ නව පන්ති ආරම්භය 2027 ජූනි 15 වැනි දින සිදු කෙරෙනු ඇත. එමෙන්ම විෂය නිර්දේශ ආවරණය කිරීම සහ වාර විභාග පවත්වා අවසන් කර 13 ශ්රේණියේ තෙවැනි පාසල් වාරය 2027 ජූලි 16 වැනි දින අවසන් කළ යුතු බවද අමාත්යාංශය සඳහන් කරයි.
Comments
Moderated before publishing. Your email stays private.