Swipe left or right to navigate stories
2027 අයවැය කථාව නොවැම්බර් 12 වැනිදා : අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14

2027 අයවැය කථාව නොවැම්බර් 12 වැනිදා : අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14

2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව 2026 නොවැම්බර් 12 වැනිදා සිදු කිරීමටත්, නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා අයවැය විවාදය පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



පළමුවර සහ දෙවැනිවර කියවීම

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2026 නොවැම්බර් 12 වන බ්‍රහස්පතින්දා අයවැය දෙවැනිවර කියවීම පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලබයි.

දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින 7 ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වීමට තීරණය කර ඇත.



කාරක සභා අවස්ථාව සහ අවසන් ඡන්ද විමසීම

තෙවැනිවර කියවීමේ විවාදය (කාරක සභා අවස්ථාව) නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතය.
අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වේ.

මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම ප.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වැඩිදුරටත් තීරණය කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem