2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
කථානායක ආචාර්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී, මෙම විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා අද දින ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණි.
අයවැය කතාව සහ දෙවැනි වර කියවීමේ විවාදය
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව, 2027 අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සමඟින් නොවැම්බර් 12 වනදා පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම අයවැය කතාව පවත්වනු ලබයි.
දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වා දින 07 ක් පුරා පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතව ඇත. දෙවැනි වර කියවීමේ විවාදයේදී කාලයෙන් 60% ක් ආණ්ඩුවටත් 40% ක් විපක්ෂයටත් වෙන් කෙරේ.
කාරක සභා අවස්ථාව සහ අවසාන ඡන්ද විමසීම
දෙවැනි වර කියවීමෙන් අනතුරුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවට යොමු කෙරෙන අතර එහිදී එක් එක් වැය ශීර්ෂයන් සලකා බලනු ඇත. කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19 ක් පුරා පැවැත්වීමට නියමිත අතර එහිදී කාලයෙන් 40% ක් ආණ්ඩුවටත් 60% ක් විපක්ෂයටත් හිමිවේ.
අයවැය තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වෙන අතර එමඟින් පාර්ලිමේන්තු අයවැය ක්රියාවලිය අවසන් වේ.
විවාද පැවැත්වෙන ආකාරය සහ ඡන්ද විමසීම්
සෙනසුරාදා දිනද ඇතුළත්ව නියමිත සෑම අයවැය විවාද දිනකම පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර ඉරිදා දින සහ රජයේ නිවාඩු දින ඊට ඇතුළත් නොවේ.
යම් අමාත්යාංශයකට අදාළ වැය ශීර්ෂයක් සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටින අවස්ථාවලදී, එදින පාර්ලිමේන්තු කටයුතු අවසානයේ පස්වරු 6.00 ට අදාළ ඡන්ද විමසීම පවත්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Moderated before publishing. Your email stays private.