2026 වසර සඳහා වන නොබෙල් සාම ත්යාගයේ ජයග්රාහිකාව ලෙස ප්රකට නීතිවේදිනියක හා මානව හිමිකම් ක්රියාකාරිනියක වන නවනීතම් (නවී) පිල්ලේ මහත්මිය ප්රකාශයට පත් කර තිබේ.
ජාත්යන්තර නීතිය සහ සාමය ප්රවර්ධනය කිරීම උදෙසා ඇය ඉටුකළ අමිල මෙහෙවර අගය කරමින් මෙම සම්මානය පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් කමිටුවේ සභාපති ජෝර්ගන් වාට්නේ ෆ්රයිඩ්නස් මහතා සඳහන් කළේය.
දුෂ්කර අතීතය සහ ඓතිහාසික ගමන
දකුණු අප්රිකාවේ ඩර්බන් නගරයේ අඩු ආදායම්ලාභී ඉන්දීය සම්භවයක් සහිත පවුලක උපත ලැබූ පිල්ලේ මහත්මිය, බස් රථ රියැදුරෙකුගේ දියණියකි. දකුණු අප්රිකාවේ වර්ණභේදවාදී පාලන සමයේ හැදී වැඩුණු ඇය, එම පාලනයට එරෙහිව කටයුතු කළ පුද්ගලයන් රැසක් වෙනුවෙන් නීතිමය ආරක්ෂාව ලබා දෙමින් මානව හිමිකම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියාය.
1967 වසරේදී දකුණු අප්රිකාවේ නටාල් පළාතේ නීතිඥ වෘත්තියෙහි නියැළීම සඳහා තමන්ගේම නීති කාර්යාලයක් ආරම්භ කළ පළමු කාන්තාව මෙන්ම, එම පළාතේ නීති වෘත්තියෙහි නිරත වූ පළමු කළු ජාතික නොවන කාන්තාව ලෙසද ඇය ඉතිහාසයට එක්වූවාය.
පසුව ඇය දකුණු අප්රිකාවේ මහාධිකරණ විනිසුරුවරියක ලෙස පත් වූ පළමු කළු ජාතික නොවන කාන්තාව බවට පත්වෙමින් තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළාය.
ජාත්යන්තර නීති ක්ෂේත්රයේ මෙහෙවර
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් රුවන්ඩාව සඳහා වූ ජාත්යන්තර අපරාධ විනිශ්චය මණ්ඩලයේ විනිසුරුවරියක ලෙස ඇයව තෝරා පත් කර ගනු ලැබූ අතර එහි වසර 08 ක් සේවය කළ ඇය වසර 4 ක කාලයක් එහි සභාපතිනිය ලෙසද කටයුතු කළාය.
මීට අමතරව පලස්තීන අත්පත් කරගත් ප්රදේශ සම්බන්ධයෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ ස්වාධීන ජාත්යන්තර විමර්ශන කොමිසමේ සභාපතිනිය ලෙසද කටයුතු කර ඇති පිල්ලේ මහත්මිය, මියන්මාරයට එරෙහිව ඉදිරිපත් කර ඇති ජන සංහාර චෝදනා සම්බන්ධ ජාත්යන්තර අධිකරණ නඩු කටයුතුවලටද සම්බන්ධ වී සිටියි.
නොබෙල් සාම ත්යාගයේ ඉතිහාසය
ලෝක සාමය, මානව හිමිකම් සහ ජාත්යන්තර සහයෝගීතාව ප්රවර්ධනය කිරීම වෙනුවෙන් පිරිනමනු ලබන නොබෙල් සාම ත්යාගය ඉතිහාසයේ අවස්ථා 106 කදී පිරිනමා ඇති අතර පුද්ගලයන් සහ සංවිධාන ඇතුළුව සම්මානලාභීන් 143 දෙනෙකු ඊට තෝරාගෙන තිබේ.
නෙල්සන් මැන්ඩෙලා, මාර්ටින් ලූතර් කිං කනිෂ්ඨ සහ තෙරේසා මව්තුමිය වැනි ලෝක ප්රකට පුද්ගලයන් මෙන්ම තියඩෝර් රූස්වෙල්ට්, වුඩ්රෝ විල්සන්, ජිමී කාටර් සහ බැරැක් ඔබාමා යන ඇමෙරිකානු ජනාධිපතිවරුන්ද මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත.
2014 වසරේදී වයස අවුරුදු 17 දී නොබෙල් සාම ත්යාගය දිනාගත් මලාලා යූසුෆ්සායි එම සම්මානය හිමි කරගත් ලාබාලතම පුද්ගලයා වේ. එමෙන්ම 1973 දී වියට්නාමයේ සටන් විරාමයක් සඳහා සාකච්ඡා කිරීම වෙනුවෙන් වියට්නාම දේශපාලනඥ ලේ ඩක් තෝට මෙම සම්මානය පිරිනැමීමට තීරණය කළද, සටන් විරාමය උල්ලංඝනය වීම පවසමින් ඔහු එය ප්රතික්ෂේප කර තිබුණි.
Comments
Moderated before publishing. Your email stays private.