Swipe left or right to navigate stories
හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ කෙටි කෑම මිල ඉහළට

හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ කෙටි කෑම මිල ඉහළට

ලාෆ්ස් ගෑස් මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ දැමීමත් සමඟ හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කෙටි කෑම, රයිස් සහ කොත්තු මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඉහළ ගිය ගෑස් පිරිවැය දරාගත නොහැකි බැවින් අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවූ බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කළේය.

නව මිල සංශෝධනයට අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල රුපියල් 15 කින් ඉහළ දැමීමට නියමිත අතර කෙටි කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සංගමය පියවර ගෙන ඇත.



ලාෆ්ස් ගෑස් සිලින්ඩර මිල ඉහළ ගිය පසුබිම

ජාත්‍යන්තර වෙළෙඳපොළේ LPG ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බව පවසමින් ලාෆ්ස් ගෑස් සමාගම විසින් ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් සංශෝධනය කරනු ලැබීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කින් ඉහළ දමා ඇති බැවින් එහි නව මිල රුපියල් 6,740 ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732 කින් ඉහළ දමා ඇති බැවින් එහි නව මිල රුපියල් 2,720 ක් වේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem