හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්ය මනූෂ නානායක්කාර සහ හිටපු මුදල් අමාත්යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්රකාශ ලබා දී තිබේ.
අල්ලස් කොමිසම මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස හිටපු අමාත්ය මනූෂ නානායක්කාර වෙත දැනුම් දී තිබූ අතර ඒ අනුව අද (01) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු අමාත්යවරයා පැය 03 කට ආසන්න කාලයක් ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් ඇත.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පී.බී. ජයසුන්දරගෙන් ප්රකාශයක්
මේ අතර හිටපු මුදල් අමාත්යාංශ ලේකම්වරයෙකු වන ආචාර්ය පී.බී. ජයසුන්දරගෙන්ද අල්ලස් කොමිසම පැය 04 කට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගෙන තිබේ.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලට අදාළව මෙම ප්රකාශය ලබාගෙන ඇත්තේ ඒ මහතාගේ නිකවැරටිය පිහිටි නිවසේදීය.
2012 සහ 2013 වසරවලදී මහින්ද රාජපක්ෂ රජය යටතේ පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ මෙම ආන්දෝලනාත්මක එයාර් බස් මිලදී ගැනීමේ සහ බදුදීමේ ගනුදෙනුව සිදුව තිබිණි.
Comments
Moderated before publishing. Your email stays private.