Swipe left or right to navigate stories
හිටපු අමාත්‍ය අකිල විරාජ් අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය අකිල විරාජ් අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

0:00

රාජ්‍ය අරමුදල්වලින් වැටුප් ගෙවන ලද සේවකයන් පෞද්ගලික කටයුතු සඳහා අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (5) දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන පැමිණීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ලබන අගෝස්තු 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.



පසුබිම

අකිල විරාජ් කාරියවසම් මහතා 2004 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර එම කාල සීමාව තුළ වාර දෙකකදී අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද සේවය කළේය.

කෙසේ වෙතත් අල්ලස් කොමිසම විසින් මෙම චෝදනා එල්ල කර ඇත්තේ 2022 වසරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ, පාලන කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස ඔහු කටයුතු කළ සමයට අදාළවය.

අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ එම කාලසීමාව තුළ කාරියවසම් මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පුද්ගලයන් සිව්දෙනෙකු බඳවාගෙන ඇති බවය.

විමර්ශකයන්ට අනුව මෙම පුද්ගලයන්ගෙන් තිදෙනෙකු කාරියවසම් මහතාට අයත් පෞද්ගලික පිරවුම්හලක සේවය සඳහා යොදවා ඇති අතර සිව්වැනි සේවකයාට රාජ්‍ය වැටුප් සහ දීමනා ලැබුණද කිසිදු නිල රාජකාරියක් පවරා නොතිබුණි.

මෙම සේවකයන් සඳහා වැටුප් සහ දීමනා ගෙවීම මගින් රජයට රුපියල් විසිහත් ලක්ෂ හැටඅටදහස් අටසිය තිස්හයයි, ශත දහහතරක මූල්‍යමය පාඩුවක් සිදු කර ඇති බවත්, එය අල්ලස් පනත යටතේ 'දූෂණය' නමැති වරදට යටත් වන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem