Swipe left or right to navigate stories
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියගොස් සිටියදී හමුවෙයි

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියගොස් සිටියදී හමුවෙයි

හම්බන්තොට මහා නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක මියගොස් සිටියදී අද (2) හමුවී ඇති බව පොලීසිය වාර්තා කරයි.

මියයන විට හිටපු නගරාධිපතිවරයා 57 වැනි වියේ පසුවූ අතර ඔහුගේ මරණයට හේතු වූ පසුබිම් කරුණු අනාවරණය කර ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලීසිය ප්‍රකාශ කර ඇත.



දේශපාලන පසුබිම

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන එරාජ් ප්‍රනාන්දු මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ්‍ නියෝජනය කරමින් හම්බන්තොට නගරාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

පසුව 2022 වසරේ පෙබරවාරි මාසයේදී ඔහු පෞද්ගලික හේතූන් මත හම්බන්තොට නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.



"සෙල්ලම් පිස්තෝල" සිදුවීම

එරාජ් ප්‍රනාන්දු මහතා රට පුරා දැඩි ලෙස කතාබහට ලක්වූයේ 2014 වසරේදී මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්ෂණයට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට පාරේ ලුහුබැඳ ගොස් තර්ජනය කිරීමේ සිදුවීමත් සමඟය.

එම අවස්ථාවේදී ඔහුගේ අත තිබූ ගිනි අවිය පිළිබඳව දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර එය "සෙල්ලම් පිස්තෝලයක්" බව ඔහු පසුව ප්‍රකාශ කළේය.

එකී සිදුවීමට අදාළව විභාග වූ නඩුවකින් පසුව 2019 වසරේදී හම්බන්තොට මහාධිකරණය මගින් ඔහුට වසර 5 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරන ලදී.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem