Swipe left or right to navigate stories
සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට නව පත්වීම් 2,652ක්

සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට නව පත්වීම් 2,652ක්

මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සෘජු උපදෙස් හා මඟපෙන්වීම මත මෙම මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

මේ යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරු සඳහා නව පත්වීම් 2,652ක් ලබා දීමට කටයුතු යොදා ඇත.



පත්වීම් ලිපි 627ක් පිරිණැමේ

දීර්ඝ කාලයකට පසු සෞඛ්‍ය කාර්‌ය සහායක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගනිමින්, බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම ලෙස පුද්ගලයින් 627 දෙනෙකු සඳහා ඊයේ (4) මරදාන ටවර් රඟහලේදී පත්වීම් ප්‍රදානය කෙරිණ.

මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෑතකදී පවත්වන ලද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ඉතා සාර්ථක ලෙස නිම කර කුසලතා පදනම් කරගනිමින් සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් යුතුව මෙම අපේක්ෂකයින් තෝරාගෙන තිබීම විශේෂත්වයකි.



පත්වීම් ප්‍රදානය කිරීමේ කාලසටහන

රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කාණ්ඩ කිහිපයක් යටතේ ඉදිරි පත්වීම් මෙලෙස ලබා දීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

  • ජූලි 16: රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර – 247ක්
  • ජූලි 18: සෞඛ්‍ය කාර්ය සහායක දෙවැනි කණ්ඩායම – 600ක්
  • අගෝස්තු 01: සෞඛ්‍ය කාර්ය සහායක තෙවැනි කණ්ඩායම – 762ක්
  • අගෝස්තු 01: ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක – 295ක්
  • අගෝස්තු 01: සුළුසේවා පාලක – 121ක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සහ විවිධ පාර්ශවකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි මානව සම්පත් හිඟයට ස්ථිර විසඳුමක් ලබා දෙමින් මෙම පත්වීම් ප්‍රදානය කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem