පාස්කු ප්රහාරයේ විමර්ශනවලට අදාළව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් ඊයේ (10) අභියාචනාධිකරණය හමුවේ නැවත සලකා බලන ලදී.
එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙන්ම, ඔහුට පක්ෂව ඉදිරිපත් කර තිබූ අතරමැදි පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද අධිකරණය හමුවේ සිය කරුණු දැක්වීම් සිදු කළහ.
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය
කරුණු දැක්වීම්වලින් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විරෝධය පළ කළාය.
අදාළ පෙත්සම් සම්බන්ධයෙන් නොතිසි නිකුත් කළහොත් පමණක් ඒවා සලකා බැලීමේ හැකියාව පවතින බව පෙන්වා දුන් ඇය, අගරදගුරු හිමිපාණන් හැර අනෙක් සියලුම අතරමැදි පෙත්සම්කරුවන් අධිකරණය හමුවට පැමිණ සිටින්නේ සුරේෂ් සලේ මහතාට සහාය පළකිරීම සඳහා බවද සඳහන් කළාය.
නියෝගය ලබන 25 වැනිදා
මෙම අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් වන නීතිමය ස්ථාවරය ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, මෙම අතරමැදි පෙත්සම් සියල්ල නැවත සලකා බැලීම සඳහා ලබන 25 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.
Comments
Moderated before publishing. Your email stays private.