පවතින අධ්යාපන ක්රමය වෙනුවට නව අධ්යාපන ප්රතිසංස්කරණ හරහා ගොඩනැගෙන පද්ධතිය තුළින් සියලුම දරුවන්ට උපාධිය ලබා ගැනීම දක්වා යා හැකි මාර්ග සකස් විය යුතු බවත්, ඒ වෙනුවෙන් අදාළ විෂයන් නිසි පරිදි ස්ථානගත කළ යුතු බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය.
අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ නිලධාරීන්, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසමේ නිලධාරීන් සහ සමස්ත ලංකා හෙද සංගමයේ නිලධාරීන් සමඟ පාර්ලිමේන්තු පරිශ්රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය.
මෙම අවස්ථාවට අමාත්යාංශ නිලධාරීන්, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසමේ නිලධාරීන් මෙන්ම සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවින්ද්ර කහඳවආරච්චි, ලේකම් එස්.බී. මැදිවත්ත යන මහත්වරුන් ඇතුළු විධායක සභිකයන් පිරිසක් එක්ව සිටියහ.
හෙද සේවයට උපාධියක්
හෙද වෘත්තීය අධ්යාපනය හුදෙක් ඩිප්ලෝමා මට්ටමකට සීමා නොකර උපාධිය ලබා දීම දක්වා ගෙන යාම සහ ඒ වෙනුවෙන් අවශ්ය උසස් අධ්යාපන පහසුකම් ඇති කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව කඩිනමින් ලබාගැනීමටත්, හෙද උපාධිය ලබා දීම සඳහා වන අධ්යාපන මාර්ග සිතියම සකස් කිරීමටත් අවධානය යොමු කෙරිණි.
අධ්යාපන මාර්ග දෙකක්
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරිය පෙන්වා දුන්නේ ශාස්ත්රීය අධ්යාපනය සහ වෘත්තීය අධ්යාපනය යන මාර්ග දෙකෙන්ම දරුවන්ට උපාධිය දක්වා ගොස් වෘත්තියකට පිවිසීමට ක්රමවේද සැකසෙන බවය.1
"මේ මාර්ග දෙකේ අරමුණු වෙනස් බව අප වටහාගත යුතුයි. හෙද උපාධිය ලබා දීම තුළින් සෞඛ්ය පද්ධතිය, අධ්යාපන පද්ධතිය මෙන්ම හෙද සේවාවේ ගුණාත්මකභාවය ද ඉහළ යන අයුරින් කටයුතු සිදුවිය යුතුයි. එමෙන්ම නව අධ්යාපන ප්රතිසංස්කරණ හරහා සෞඛ්ය ක්ෂේත්රයේ සසුත් වෘත්තීන් වන සාත්තු සේවක සහ වැඩිහිටි සුරැකුම් සේවා වැනි ක්ෂේත්රවල නිරත වන්නන්ටද උසස් අධ්යාපනය දක්වා හැදෑරීමට හැකි පරිදි ක්රමවේදය සකස් වෙනවා." යැයි ඇය පැවසුවාය.
Comments
Moderated before publishing. Your email stays private.