Swipe left or right to navigate stories
සියලුම ඉන්දන මිල යළිත් ඉහළට

සියලුම ඉන්දන මිල යළිත් ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් ඊයේ (30) රාත්‍රී 12.00 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දමා තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ පිරිවැය පීඩනය හමුවේ මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මෙවර මිල සංශෝධනය යටතේ පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යන සියලුම ප්‍රධාන ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ ගොස් තිබේ.



නව මිල ගණන් සහ වැඩි වූ ප්‍රමාණයන්

  • රුපියල් 495.00 ක්ව තිබූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 495.00 කි.
  • රුපියල් 410.00 ක්ව තිබූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434.00 කි.
  • රුපියල් 458.00 ක්ව තිබූ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 20.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 478.00 කි.
  • රුපියල් 392.00 ක්ව තිබූ සුදු ඩීසල් ලීටරයක් රුපියල් රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 407.00 කි.
  • රුපියල් 265.00 ක්ව තිබූ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 285.00 කි.



වසරේ ප්‍රධාන මිල ඉහළ දැමීම්

මෙම වසර (2026) ආරම්භයේ සිට මේ දක්වා කිහිප වරක්ම ඉන්ධන මිල ගණන් උච්චාවචනය වී ඇත.

මාර්තු මස 9 වැනිදා සිදු වූ ප්‍රධාන මිල ඉහළ දැමීමෙන් පසු, මෙරට පාරිභෝගිකයන්ට සෘජුවම බලපාන පරිදි ඉන්ධන මිල සියල්ලම එකවර විශාල අගයකින් ඉහළ දැමූ දෙවැනි අවස්ථාව ලෙස මෙය සටහන් වේ.

මේ හැරුණු කොට ඇතැම් ඉන්දන වර්ග පමණක් අවස්ථා කිහිපයකදී මිල ඉහල දැමීම්වලට ලක්වූ අයුරු දැකගත හැකි විය. ඊට මෙම මස 2 වැනිදා ඉන්දන වර්ග 4 ක මිල ඉහළ දැමීමද ඇතුළත් විය.



මිල වැඩි වීමට හේතු සහ පසුබිම

බලශක්ති අමාත්‍යාංශයේ දත්ත සහ සිපෙට්කෝ කළමනාකාරිත්වයේ ප්‍රකාශවලට අනුව ගෝලීය වෙළෙඳපොළේ මිල ගණන් මාර්තු සහ අප්‍රේල් මාසවලට වඩා සුළු වශයෙන් පහත වැටුණ ද, මැදපෙරදිග අර්බුදයට පෙර පැවති මට්ටමට වඩා තවමත් ඉහළ මට්ටමක පවතී.

එමෙන්ම රජය විසින් ලබාදෙන බිලියන 57ක සහනාධාර යාන්ත්‍රණය ලබන සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක වුවද, පවතින පිරිවැය පරතරය පියවා ගැනීම සඳහා මෙම මිල වැඩි කිරීම සිදු කිරීමට සිදු වී ඇති බව වාර්තා වේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem