ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්ය ජාලයන්හි විවිධ සමූහ ඔස්සේ ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ඡායාරූප සහ ලිංගික දර්ශන මුදලට මිලදී ගැනීම සහ අලෙවි කිරීමේ සංවිධානාත්මක මාර්ගගත ජාවාරමක් පිළිබඳව කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශයේ පූර්ණ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.
සමාජ මාධ්ය ක්රියාකාරීන් විසින් පෙන්වා දී තිබූ තොරතුරු පදනම් කරගෙන සිදුකළ මූලික සොයා බැලීම්වලින් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා අදාළ කරුණු ශ්රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇති බව අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ව්යාජ සමාජ මාධ්ය ගිණුම්
අමාත්යාංශය සිදුකළ නිරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ව්යාජ සමාජ මාධ්ය ගිණුම් හරහා තම සමීපතමයන්ගේ සහ පවුලේම සාමාජික කාන්තාවන්ගේ ඡායාරූප හා වීඩියෝ පට පවා මෙලෙස අලෙවි කිරීමට උත්සාහ කර ඇති බවය.
ඒ අනුව තම නිවස තුළදීම පවුලේ කාන්තාවන් සහ ළමුන් මෙලෙස අනාරක්ෂිත වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, දරුවන්ගේ සමාජ මාධ්ය භාවිතය සහ ඔවුන් ඇසුරු කරන මිතුරන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම මෙම අනිසි ක්රියාවන් සඳහා යොදාගන්නා ෆේස්බුක් සමූහ අතුරින් බොහොමයක් විදේශ රටවල සිට
මෙහෙයවන බවද මේ වන විට හඳුනාගෙන ඇත.
මහජනතාවට හදිසි දැනුම්දීමක්
යම් හෙයකින් පවුලේ අයෙකු මෙවැනි ජාවාරමක ගොදුරක් හෝ ඇබ්බැහි වූවෙකු බවට නිරීක්ෂණය වුවහොත්, ඔවුන්ට අවශ්ය මනෝ සමාජයීය උපදේශනය හෝ නෛතික සහය ලබාගැනීම සඳහා පහත සඳහන් ගාස්තු රහිත උපකාරක සේවා වෙත යොමුවන ලෙස අමාත්යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
- ළමා උපකාරක සේවාව: 1929
- කාන්තා උපකාරක සේවාව: 1938
මෙමගින් කාන්තාවන් සහ ළමුන් වින්දිතභාවයට පත්වීම වළක්වා ගැනීම සඳහා අවශ්ය කඩිනම් නෛතික හා පරිපාලනමය මැදිහත්වීම් සියල්ල සිදුකරන බව අමාත්යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
Comments
Moderated before publishing. Your email stays private.