"සිරිලිය සවිය" අරමුදලට අයත් ගිණුමේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම සහ මූල්ය අක්රමිකතා සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළඹෙන 16 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (13) නියෝග කළේය.
එදිනට ඉදිරිපත් කෙරෙන වෛද්ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව ඇයට ඇප නියම කිරීම සම්බන්ධයෙන් තීරණය කරන බවද මහේස්ත්රාත්වරයා මෙහිදී නියෝග කර සිටියේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසු මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
රෝහල්ගත වීම සහ වෛද්ය වාර්තා
මෙම සිද්ධියේ දෙවැනි සැකකාරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දින විවෘත අධිකරණයේ පෙනී නොසිටි අතර, ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ සිය සේවාදායකයා කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ නේවාසිකව ප්රතිකාර ලබන බවය.
ඊට අදාළ වෛද්ය වාර්තාවද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මේ අතර මෙම නඩුවට අදාළව මීට පෙර ඇප මත මුදා හරිනු ලැබ සිටින පළමු සැකකරු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මහතා අද දින අධිකරණයේ පෙනී සිටියේය.
Comments
Moderated before publishing. Your email stays private.