Swipe left or right to navigate stories
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලානයට යති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලානයට යති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන විස්සයි-20 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා, චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (23) දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සර්ව ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා පිටත්ව ගිය ශ්‍රී කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් ඇතුළත් වූහ.

මෙම මස 28 වැනිදා ආරම්භවන ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.



ශ්‍රී ලංකා සංචිතය

චමරි හැරැණුකොට උප නායිකා හර්ෂිතා මාධවී, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා ඉමේෂා දුලානි සහ කඩුලු රකින ක්‍රීඩිකා කෞෂිනී නුත්‍යංගනා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිහරඹ බළෑණිය ශක්තිමත් කරති.

කවීෂා දිල්හාරි සහ දෙව්මි විහංගා තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලෙස සංචිතයට එක්ව සිටින අතර සුගංදිකා කුමාරි, කාව්‍යා කාවින්දි සහ චේතනා විමුක්ති කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය සවිමත් කරති.

ඔවුන්ට අමතරව තවමත් 17 වැනි වියේ පසුවන පිතිකාරිණියක වන සංජනා කාවින්දිට සහ දඟ පන්දු යවන ක්‍රීඩිකා චමුදි ප්‍රබෝදාට මෙන්ම, 19 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩිකා මිතාලි අයෝධ්‍යාටත් ශ්‍රී ලංකා සංචිතයේ ඉඩ වෙන්වී තිබේ.



තරගාවලියේ ආකෘතිය

මූලික වටයේදී කණ්ඩායම් 4 බැගින් වූ 'ඒ්' සහ 'බී' යන කාණ්ඩ 2 යටතේ තරගාවලිය පැවැත්වෙන අතර මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සැප්තැම්බර් 10 වැනිදාත්, දෙවැනි අවසන් පූර්ව තරගය 11 වැනිදාත් පැවැත්වෙන අතර අවසන් මහ තරගය 13 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එහිදී ශ්‍රී ලංකාව 'බී' කාණ්ඩය යටතේ බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් සමගින් තරග වදින අතර ඉන්දායාව, පාකිස්තානය, හොංකොං සහ තායිලන්තය 'ඒ්' කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem