Swipe left or right to navigate stories
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තය හමුවේ 2-1 ක් ලෙස එක්දින තරගාවලියත් පරදිති

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තය හමුවේ 2-1 ක් ලෙස එක්දින තරගාවලියත් පරදිති

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (27) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 223 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද එංගලන්තයට හැකි විය.

ලකුණු 123 ක් රැස්කරමින් අගනා පිතිහරඹයක නිරත වූ ටොම් බැන්ටන් තෙවැනි තරග‍ේ වීරයා බවට පත් වූ අතර තරගාවලිය පුරා ලකුණු 123 ක් සහ කඩුලු 6 ක් දවාගත් විල් ජැක්ස් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.



එංගලන්ත ඉනිම

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 355 ක් ලබා ගත්තේය.

අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් පන්දු 105 කින් ලකුණු 126 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 16 ක් සමගිනි.

ජෝ රූට් (18) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බැන්ටන්, ඉන් නොනැවතී නායක හැරී බෘෘක් (77) සමග තෙවැනි කඩුල්ල සඳහාද පන්දු 117 කින් ලකුණු 150 ක් එක් කළේය.

එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ එංගලන්ත පිතිකරුවන්ගෙන් දැඩි ලෙස පහර කෑමට ලක්වෙද්දී, අසිත ප්‍රනාන්දු ලකුණු 64 කට කඩුලු 3 ක්ද, සචිඳු කොළඹගේ ලකුණු 71 කට කඩුලු 2 ක්ද දවාගත්හ.



ශ්‍රී ලංකා ඉනිම

ලකුණු 356 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 29.1 ක් අවසානයේ සියලු දෙනා දැව ලබාගත හැකි වූයේ ලකණු 132 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කුසල් මෙන්ඩිස් පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හත‍ේ පහර 2 ක් සමග ලකුණු 35 ක් රැස්කළ අතර පවන් රත්නායක පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලයෑම් ඩේව්සන් ඕවර 8 ක් යවමින් ලකුණු 26 කට කඩුලු 3 ක් බිඳහෙළූ අතර ගස් ඇටිකින්සන් ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගත්තේය.



ලකුණු සාරංශය

එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 355
(ටොම් බැන්ටන් 126, ජෝ රූට් 18, හැරී බෘෘක් 77, ජෝඩාන් කොක්ස් 76, විල් ජැක්ස් 25, ජැමී ඕවර්ටන් නොදැවී 21, අසිත ප්‍රනාන්දු 64/3, සචිඳු කොළඹගේ 71/2) 

ශ්‍රී ලංකාව - ඕවර 29.1 කදී සියලු දෙනා දැවී 132
(කුසල් ‍මෙන්ඩිස් 35, පවන් රත්නායක 18, ජනිත් ලියනගේ 19, ඒෂාන් මාලිංග 14, ලයෑම් ඩේව්සන් 26/3, ගස්අ ඇටිකින්සන් 26/2)

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem