Swipe left or right to navigate stories
ශ්‍රී ලංකාවට කබඩි ඉසව්වෙන් ආසියානු පදක්කම දෙකක්

ශ්‍රී ලංකාවට කබඩි ඉසව්වෙන් ආසියානු පදක්කම දෙකක්

0:00

චීනයේ සන්‍යා නුවරදී පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කබඩි ඉසව්වේ කාන්තා රිදී පදක්කම සහ පිරිමි ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කාන්තා අවසන් මහ තරගයේදී ලකුණු 47-31 ක් ලෙස ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත්වූ අතර පිරිමි අවසන් පූර්ව වටයේදී ඉරානය හමුවේ ලකුණු 42-29 ක් ලෙස ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ පරාජයට පත් වූහ.

මෙම පදක්කම් වලට අමතරව වෙරළ මලල ක්‍රීඩා ඉසව්වලදී රිදී පදක්කමක් (දුර පැනීම කාන්තා) සහ ලෝකඩ පදක්කම් 3 ක් (මීටර් 60 4 පිරිමි, දුර පැනීම පිරිමි සහ දුර පැනීම කාන්තා) දිනාගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.‍

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem