Swipe left or right to navigate stories
ශරීරය තුළ කොකේන් කැප්සියුල සඟවාගෙන පැමිණි උගන්ඩා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

ශරීරය තුළ කොකේන් කැප්සියුල සඟවාගෙන පැමිණි උගන්ඩා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

ශරීරය තුළ කොකේන් කැප්සියුල සඟවාගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළ උගන්ඩා ජාතිකයෙකු ඊයේ (13) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෘත්තියෙන් ගොවියෙකු වන 43 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකි.

එම කැප්සියුලවල අඩංගු මත්ද්‍රව්‍යවල මුළු දළ බර ග්‍රෑම් 161කට ආසන්න වන අතර එහි ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 7.245 ක් පමණ වේ.



පැමිණි ආකාරය සහ පරික්ෂාව

සැකකරු උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට සැප්තැම්බර් 12 වැනිදා කිි්ටාාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර අනතුරුව කටාර් ගුවන් සේවයට අයත් QR 664 දරන ගුවන් යානයෙන් අද අලුයම කොළඹට පැමිණ තිබේ.

බුද්ධි තොරතුරු සහ අවදානම් විශ්ලේෂණ මත පදනම්ව වැඩිදුර පරීක්ෂාව සඳහා මෙම මගියා තෝරාගෙන ඇති අතර සිදු කළ පරීක්ෂණ හා විමර්ශනවලදී ඔහු විසින් ගිල දමා ශරීරය තුළ සඟවා තිබූ කොකේන් අඩංගු කැප්සියුල 13 ක් සොයාගෙන ඇත.



වැඩිදුර විමර්ශන

සැකකරු විසින් තවත් මත්ද්‍රව්‍ය අඩංගු කැප්සියුල ගිල දමා ඇති බවට සැක පළවීම හේතුවෙන් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ ආරක්ෂක හා නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට සිදු කෙරෙමින් පවතී.

වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem