Swipe left or right to navigate stories
වෛද්‍ය රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 කැඳවීමට නියෝග

වෛද්‍ය රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 කැඳවීමට නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා එළඹෙන දෙසැම්බර් මස 16 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මායාදුන්නේ කොරයා සහ ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (12) දිනයේදී කැඳවනු ලැබීය.



නීතිඥවරයා ඉවත් වීම සහ අධිකරණ නියෝගය

එහිදී වගඋත්තරකාර රාමනාදන් අර්චුනා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අදාළ නඩුවෙන් ඉවත් වී ඇති බැවින් වෙනත් නීතිඥවරයෙකු පත් කර ගැනීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

මෙය 2024 වසරේ ගොනු කරන ලද පෙත්සමක් බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල, ඒ සඳහා තවදුරටත් දීර්ඝ දිනයන් ලබා දිය නොහැකි බව අවධාරଣ කළේය.

ඒ අනුව වැඩිදුර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 16 වනදා පැවැත්වීමට දින නියම කරන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.



පෙත්සමේ අඩංගු චෝදනා

වගඋත්තරකාර රාමනාදන් අර්චුනා මහතා රජයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාර දී ඇති බව පෙත්සම්කරු වන ඔෂල හේරත් මහතා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

එමඟින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, ඒ අනුව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමට, ඡන්දය ප්‍රකාශ කිරීමට සහ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා කිසිදු සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem