Swipe left or right to navigate stories
අධි අවදානම් කලාප 22ක් ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

අධි අවදානම් කලාප 22ක් ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

බස්නාහිර පළාතේ පවතින ඩෙංගු තත්ත්වය පාලනය කිරීම සඳහා අද (5) දින සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් දියත් කිරීමට තීරණය කර තිබේ.

අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ මෙහෙයුම දියත් කෙරේ.

ඊයේ (4) ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධනය, සිවිල් ආරක්ෂක හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් එක්ව මෙම තීරණය ගෙන ඇත.



මෙහෙයුමේ ප්‍රධාන අරමුණු

ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගීත්වය ඉහළ නැංවීම, මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම සහ ප්‍රජාව තුළ ඩෙංගු වැළැක්වීම පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණු ‍වේ.

මෙම විශේෂ මර්දන මෙහෙයුම බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22 ක් පුරා අධි අවදානම් කලාප ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වේ.

මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා අදාළ ප්‍රදේශවල වෙසෙන මහජනතාවගේ පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



ක්‍රියාත්මක වන කොට්ඨාස

  • කොළඹ දිස්ත්‍රික්කය - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 9

මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහානගර සභා බල ප්‍රදේශයට අයත් D1, D3 හා D4 කලාප

  • ගම්පහ දිස්ත්‍රික්කය - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 8

බියගම, කැලණිය, සීදූව, රාගම, මහර, වත්තල, මීගමුව සහ මිනුවන්ගොඩ

  • කළුතර දිස්ත්‍රික්කය - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 5

පාණදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem