Swipe left or right to navigate stories
විශිෂ්ඨ විසිකිරීමකින් රුමේෂ් සිවුවැනි ඩයමන්ඩ් ලීග් ජයත් ලබයි

විශිෂ්ඨ විසිකිරීමකින් රුමේෂ් සිවුවැනි ඩයමන්ඩ් ලීග් ජයත් ලබයි

ස්විට්සර්ලන්තයේදී පැවැති සුරිච් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව පහසුවෙන්ම ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඊයේ (27) සමත් විය.

සිය දෙවැනි උත්සාහයේදී මීටර් 88.23 ක්ද, තෙවැනි උත්සාහයේදී මීටර් 89.90 ක්ද හෙල්ල විසිකළ රුමේෂ්, අවසන් උත්සාහයේදී මීටර් 92.07 ක දක්ෂතාවක් දක්වමින් තරගය ජය තමන් සතුකර ගත්තේය.

ලොව හෙල්ල විසි කිරීමේ සුපිරි ක්‍රීඩකයන් 10 දෙනෙකු සහභාගි වූ මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මීටර් 86.93 ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩසන් පීටර්ස් සමත් වුණා.



සෙසු ස්ථාන

  • 3 වැනි ස්ථානය: ඩේවිඩ් වෙග්නර් (පෝලන්තය) මීටර් 85.16
  • 4 වැනි ස්ථානය: කෙෂෝන් වෝල්කොට් (ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ) - මීටර් 83.02
  • 5 වැනි ස්ථානය: ජූලියස් යේගෝ (කෙන්යාව) - මීටර් 81.66
  • 6 වැනි ස්ථානය: මාක් ඇන්තනි මිනිකෙලෝ (ඇමරිකාව) - මීටර් 80.38
  • 7 වැනි ස්ථානය: කර්ටිස් තොම්සන් (ඇමරිකාව) - මීටර් 80.31
  • 8 වැනි ස්ථානය: රෝලර් තොම්සන් (ජර්මනිය) - මීටර් 79.86



ඩයමන්ඩ් ලීගය

මෙවර (2026) ඩයමන්ඩ් ලීග් තරග මාලාව හෙල්ල විසිකිරීමේ ඉසව්ව මූලික තරග වට 5 කින් සමන්විත වූ අතර ඉන් 4 කම ජය තමන් සතුකර ගැනීමට රුමේෂ් සමත් විය.

ඒ අනුව ඔහු ඩයමන්ඩ් ලීග් තරග මාලාවේ හෙල්ල විසිකිරීමේ අවසන් මහ තරගයට පිවිසෙන්නේ ලකුණු 39 කට හිමිකම් කියමින් ලකුණු සටහනේ පළමු වැනියා ලෙසිනි.

රුමේෂ් සහභාගි වන මෙවර ඩයමන්ඩ් ලීග් තරග මාලාවේ හෙල්ල විසිකිරීමේ අවසන් මහ තරගය සැප්තැම්බර් මස 5 වැනිදා බෙල්ජියමේ බ්‍රසලස් නුවරදී පැවැත්වීමට නියමිතය.



පැමිණි ගමන් මඟ

  • මැයි 31 - රබාත් ඩයමන්ඩ් ලීගය (මොරොක්කෝව) - මීටර් 85.97 - දෙවැනි ස්ථානය
  • ජූනි 4 - රෝම ඩයමන්ඩ් ලීගය (ඉතාලිය) - මීටර් 92.62 - පළමු ස්ථානය
  • ජූනි 19 - දෝහා ඩයමන්ඩ් ලීගය (කටාර්) - මීටර් 88.68 - පළමු ස්ථානය
  • අගෝස්තු 21 - ලෝසෑන් ඩයමන්ඩ් ලීගය (ස්විට්සර්ලන්තය) - මීටර් 88.14 - පළමු ස්ථානය
  • අගෝස්තු 27 - සුරිච් ඩයමන්ඩ් ලීගය (ස්විට්සර්ලන්තය) - මීටර් 92.07 - පළමු ස්ථානය
Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem