අධිකරණය මඟහරිමින් විදෙස් රටවල සැඟවී සිටින මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ප්රකාශ කළේය.
'රටම එකට' ජාතික මෙහෙයුම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අද (13) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පොලිස් මාධ්ය ප්රකාශකවරයා මේ බව සඳහන් කළේය.
අපරාධ ජාලයන්ට වැටබැඳීම
ජාත්යන්තර පොලීසිය සහ විදේශීය ආරක්ෂක අංශ සමඟ පවත්වන සමීප රාජ්ය තාන්ත්රික හා ආරක්ෂක සබඳතා මත විදේශයන්හි සිට මෙරට ජාවාරම් මෙහෙයවන පිරිස් කොටු කරගැනීමේ විශේෂ මෙහෙයුම සාර්ථකව ක්රියාත්මක වන බව මෙහිදී අනාවරණය විය.
ඒ අනුව 2024, 2025 සහ මෙම වසරේ (2026) ගතවූ කාලය තුළදී පමණක් අදාළ ජාත්යන්තර රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට ශ්රී ලංකා පොලීසිය සමත්ව තිබේ.
පොලිස්පතිවරයාගේ මැදිහත්වීම
ඊට අමතරව පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම සහ සම්බන්ධීකරණය මත විදෙස්ගතව සිටි තවත් ප්රමුඛ පෙළේ නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙන ඒමට හැකිවූ බවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙරට අධිකරණ පද්ධතිය සහ නීතිය මඟහරිමින් විදෙස් රටවල සිට අපරාධ මෙහෙයවන සියලුම ජාවාරම්කරුවන් නීතිය හමුවට පැමිණවීම මෙම සමස්ත ක්රියාවලියේ ප්රධානතම අරමුණ බවද සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Moderated before publishing. Your email stays private.