හෝමාගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී 29 හැවිරිදි දෙදරු පියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගන්නා ලද කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයා පොලිස් භාරයේ සිටියදී මියයාමේ සිදුවීමට අදාළව මොහුගේ සේවය අත්හිටුවා තිබුණි.
තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්
අදාළ සැකකරුට පොලිසිය තුළදී දැඩි ලෙස පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුවූ බවට මියගිය තරුණයාගේ ඥාතීන් දිගින් දිගටම චෝදනා කර සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අදාළව අත්අඩංගුවට ගත් අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට අමතරව, හෝමාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු (SI) සහ පොලිස් සැරයන්වරයෙකුගේ සේවයද මේ වන විට අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සක්‍රීයව සිදුකරයි.
Comments
Moderated before publishing. Your email stays private.