Swipe left or right to navigate stories
ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකරමින් විපක්ෂ මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට

ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකරමින් විපක්ෂ මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී අද (25) පාර්ලිමේන්තුවට පැමිණ සිටිති.

මෙම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අවසන් දිනය අද වන අතර ඒ අනුව අද පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.



විවාදය ආරම්භ වීම සහ විරෝධතා

මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ කරනු ලැබුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසිනි.

එමෙන්ම මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ඊයේ දිනයේදී සමගි ජන බලවේගය විසින් “ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී විරෝධතාවක්ද සංවිධානය කර තිබුණි.

කළු පටි පැළඳ විරෝධතාකරුවන් පොල්දූව මංසන්ධියට රැස්ව සිටි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක්ද එම විරෝධතාව සඳහා එක්ව සිටියහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem