Swipe left or right to navigate stories
ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළ අගෝස්තු 22 වැනිදා බීජිංහිදී

ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළ අගෝස්තු 22 වැනිදා බීජිංහිදී

කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ නවතම පෙරළිය ලෝකයට විදහා දක්වන "ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළේ" දෙවැනි අදියර මෙම මස 22 වැනිදා චීනයේ බීජිංහිදී නුවරදී ආරම්භ වීමට නියමිතය.

ලෝක රොබෝ සම්මේලනය සහ චීනයේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ආයතන එක්ව සංවිධානය කරනු ලබන මෙම උලෙළ සඳහා ලොව පුරා රටවල් රැසක විශ්වවිද්‍යාල, පර්යේෂණාගාර සහ ප්‍රමුඛතම රොබෝ නිෂ්පාදන සමාගම් සිය නවතම මානවරූපී රොබෝවරුන් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි.



ඔලිම්පික් ආකෘතියේ තරග ඉසව්

මිනිසුන් සහභාගී වන ඔලිම්පික් ක්‍රීඩා උලෙළකට සමානව සකස් කර ඇති මෙම තරගාවලියට ඉසව් ගණනාවක් ඇතුළත් වේ.

ඒ අතුරින් රොබෝවරුන්ගේ දෙපයින් ගමන් කිරීමේ වේගය සහ සමබරතාව මැන බලන කෙටි හා දීර්ඝ ධාවන ඉසව්, පාපන්දු සහ බාස්කට්බෝල් වැනි පන්දු ක්‍රීඩා, සංකීර්ණ භූමිවල ගමන් කිරීමේ හැකියාව මනින බාධක දිවීමේ ඉසව් ප්‍රධාන තැනක් ගනී.

ඊට අමතරව රොබෝවරුන් අතර පැවැත්වෙන සටන් කලා ඉසව් මෙන්ම, භාණ්ඩ නිරවද්‍ය ලෙස එහා මෙහා ගෙන යාම වැනි දෛනික ප්‍රායෝගික කාර්යයන් ඉටු කිරීමේ තරගද මෙවර ක්‍රීඩා උලෙළට ඇතුළත් කර තිබේ.



ස්වයංක්‍රීය තීරණ ගැනීමේ හැකියාව

මෙම තරගාවලියේ ඇති විශේෂත්ම කාරණය වන්නේ බොහෝ ඉසව් සඳහා සහභාගී වන රොබෝවරුන් මිනිසුන්ගේ දුරස්ථ පාලක මගින් පමණක් ක්‍රියාත්මක නොවීමයි.

ඒ වෙනුවට රොබෝවරුන් තුළ ස්ථාපනය කර ඇති අතිනවීන කෘතිම බුද්ධි ක්‍රමවේද සහ සංවේදක භාවිත කරමින්, වටපිටාව හඳුනාගෙන තනිවම තීරණ ගනිමින් තරග කිරීමට සමත් වීම මෙම තාක්ෂණික තරගාවලියේ ප්‍රධානතම පරීක්ෂණ බිම බවට පත්ව ඇත.



අනාගත තාක්ෂණික පෙරළියක්

ලොව පුරා ශීඝ්‍රයෙන් වර්ධනය වන මානවරූපී රොබෝ තාක්ෂණය, ඉදිරියේදී කර්මාන්තශාලා, රෝහල් සහ නිවෙස්වල
එදිනෙදා වැඩකටයුතු සඳහා යොදවා ගැනීමට ඇති හැකියාව පරීක්ෂා කිරීම මෙම උලෙළේ ප්‍රධාන මූලික අරමුණ වී තිබේ.

බීජිංහිදී පැවැත්වෙන මෙම දෙවැනි අදියරේ ක්‍රීඩා උලෙළ, අනාගතයේදී රොබෝ තාක්ෂණය සහ මිනිස් සංහතිය අතර ඇති වන සබඳතාවයේ තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇතැයි විචාරකයෝ පවසති.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem