Swipe left or right to navigate stories
ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

ආර්ජෙන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක අටවතාවක් බැලන් ඩි'ඕර් සම්මානයෙන් පිදුම් ලැබූ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආජෙන්ටිනාව දෙවැනි ස්ථානය ලබා ගැනීමෙන් අනතුරුව, ඔහු සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් මෙම සංවේදී තීරණය ප්‍රකාශයට පත් කළේය.



මෙසී තැබූ සංවේදී සටහන

වසර 20ක දීර්ඝ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අවසන් කරමින් මෙසී තැබූ සටහනේ මෙසේ සඳහන් වේ.

"ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව බොහෝ දුරට සිතා බලා අමාරුවෙන් නමුත් මම මෙම තීරණය ගත්තා. ජාතික කණ්ඩායමෙන් සමුගැනීමට මෙය නිවැරදිම මොහොත බව මට සිතෙනවා. මම සෑම විටම මගේ උපරිමය ජාතික කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. මට දැන් ලබා දීමට තවත් කිසිවක් ඉතිරිව නැහැ. එමෙන්ම කණ්ඩායමට පැමිණීමට සුදුසු දක්ෂ නැගී එන යෞවන ක්‍රීඩකයින් රැසක් සිටිනවා."

තමන්ට සහය දැක්වූ සියලුම ප්‍රේක්ෂකයින්ට, පවුලේ සාමාජිකයින්ට, පුහුණුකරුවන්ට සහ කණ්ඩායම් සගයන්ට ස්තූතිය පුද කළ මෙසී, මින් ඉදිරියට පිටත සිට කණ්ඩායමට සහය දක්වන බවද සඳහන් කර තිබේ.



අසමසම ක්‍රීඩා විලසය

2014 සිට 2016 දක්වා කාලය තුළ අවසන් මහා තරග 3ක් පරාජය වීම නිසා එකල දැඩි විවේචන හමුවේ මෙසී ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කළ අතර පසුව ප්‍රේක්ෂක ඉල්ලීම මත නැවත කණ්ඩායමට එක්විය.

අනතුරුව ලියොනල් ස්කලෝනිගේ පුහුණුකාරිත්වය යටතේ 2021 කෝපා ඇමෙරිකා කුසලානය, 2022 පාපන්දු ලෝක කුසලානය සහ 2024 කෝපා ඇමෙරිකා කුසලානය ජයග්‍රහණය කිරීමට මෙසී ප්‍රමුඛ ආජෙන්ටිනා කණ්ඩායම සමත් විය.

ලියොනල් මෙසී ආජෙන්ටිනා ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග 207කට සහභාගී වී ගෝල 125ක් රැස්කරමින් මෙලෙස ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීම සනිටුහන් කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem