ශ්රී ලංකාවේ පවතින ඩෙංගු ව්යාප්තිය පාලනය කිරීම, හඳුනා ගැනීම සහ ඊට මුහුණ දීම සඳහා ශ්රී ලංකා සෞඛ්ය අමාත්යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය බලගැන්වීමේ විශේෂ වැඩසටහනක් ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ආරම්භ කර තිබේ.
නිල තානාපති කාර්යාල නිවේදනයකට අනුව, මෙම වැඩසටහනේ අරමුණ වන්නේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, මහජනතාව දැනුවත් කිරීමේ ප්රචාරණ ව්යාපාර සහ පූර්ව අනාවැකි පළකිරීම වළක්වා ගැනීමේ ක්රමවේදයන් සඳහා සහය දක්වමින්, ශ්රී ලංකාවේ දිවයින පුරා ක්රියාත්මක ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදීමයි.
මෙම වසර තුළ මේ දක්වා ශ්රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 80,000 කට අධික සංඛ්යාවක් වාර්තා වී ඇති අතර මෙම වසංගත තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්යාව 61 කි.
පසුබිම
මෙම වැඩසටහන සඳහා අමෙරිකානු යුද අමාත්යාංශයේ 'විදේශීය මානුෂීය, ආපදා සහ සිවිල් ආධාර' වැඩසටහන හරහා ප්රතිපාදන ලබාදෙනු ලැබේ.
වැළැක්වීමේ ඖෂධ, රෝග නිරීක්ෂණය, කෘමි විද්යාව සහ සංයුක්ත රෝග වාහක කළමනාකරණය පිළිබඳ අමෙරිකානු දැනුම සහ පළපුරුද්ද හුවමාරු කරගැනීම සඳහා, අමෙරිකානු පැසිෆික් යුද හමුදාවේ සහ අමෙරිකානු යුද හමුදාවේ 18 වන තියටර් මෙඩිකල් කොමාන්ඩ්හි විශේෂඥයන්, ශ්රී ලංකා සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීන් සමග එක්ව මෙම වැඩසටහන ක්රියාත්මක කරයි.
සෞඛ්ය බලධාරීන් විසින් පහුගිය සතියේ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 7,385 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම රෝගීන්ගෙන් 52.4% ක්ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙනි.
Comments
Moderated before publishing. Your email stays private.