Swipe left or right to navigate stories
රුවන්වැලි සෑය අසල උපවාස කළ බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙක් රිමාන්ඩ්

රුවන්වැලි සෑය අසල උපවාස කළ බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙක් රිමාන්ඩ්

අධිකරණ නියෝග නොතකමින් අනුරාධපුර, රුවන්වැලි සෑය අසල මාරාන්තික උපවාසයක නිරතව සිටි කස්සප හිමියන් ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සැකකරුවන් හත්දෙනා අතර කස්සප හිමියන්ට අමතරව තවත් ස්වාමීන්වහන්සේලා තුන්නමක්ද ඇතුළත් වන බව පොලිසිය සඳහන් කරයි.



වෛද්‍ය පරීක්ෂණ සඳහා අධිකරණ නියෝග

අදාළ සැකකරුවන් පිරිස මානසික වෛද්‍ය පරීක්ෂණයකට මෙන්ම, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න සොයාබැලීම සඳහා වූ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකටද යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග නිකුත් කර ඇත.

රාජාංගනයේ සද්ධාරතන නැමැත්තාගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව, ඊයේ (12) දිනයේදී කස්සප හිමියන් ඇතුළු මෙම පිරිස පොලිස් භාරයට ගෙන තිබිණි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem