Swipe left or right to navigate stories
රුමේෂ් තරංග 2026 වසරේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වෙයි

රුමේෂ් තරංග 2026 වසරේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වෙයි

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පිරිනමනු ලබන 2026 වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් දසදෙනා අතරට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගද ඇතුළත්ව තිබේ.

මෙම වසරේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ තරංග, ලෝක අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ශූරතාව දිනාගත් අතර ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙසද කිරුළු පැළඳීය. එමෙන්ම ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලේදීත් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

තවද 2026 වසරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ හොඳම විසිකිරීම් 3 ද ඇතුළත්ව, හොඳම විසි කිරීම් 12 න් 10 ක්ම වාර්තා කිරීමටද තරංග සමත් විය.



පසුබිම

වසරේ හොඳම මලල ක්‍රීඩකයා සම්මානය මුලින්ම හඳුන්වා දෙන ලද්දේ 1988 වසරේදී වන අතර පසුව සිදුකළ සංශෝධනයන් හරහා ජවන හා පිටිය මෙන්ම ක්‍රීඩාංගණයෙන් පිටත ඉසව් සඳහාද ක්‍රීඩකයින් වෙන වෙනම ඇගයීමට ලක් කෙරිණි.

කෙසේ වෙතත් නවීකරණය කරන ලද ආකෘතිය යටතේ පිරිමි සහ කාන්තා අංශයන්ගෙන් වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මානය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු (ක්‍රීඩකයන් 10 ක් සහ ක්‍රීඩිකාවන් 10 ක්) නිර්දේශ කර ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය මගින් අවසන් වටයේ තරගකරුවන් තිදෙනෙකු සහ අවසාන ජයග්‍රාහකයා තීරණය කරනු ඇත.



පිරිමි අංශයේ නාම යෝජනා

  • කෙනත් බෙඩ්නරෙක් (එක්සත් ජනපදය) – මීටර් 100 සහ මීටර් 200
  • ක්‍රිස්ටන් චේ (ස්ලෝවේනියාව) – කවපෙත්ත විසිකිරීම
  • ඇන්ඩි ඩියාස් හර්නැන්ඩෙස් (ඉතාලිය) – තුන් පිම්ම
  • ඇලිසන් ඩොස් සැන්තෝස් (බ්‍රසීලය) – මීටර් 400 කඩුලු පැන දිවීම
  • මොන්ඩෝ ඩුප්ලාන්ටිස් (ස්වීඩනය) – රිටි පැනීම
  • කොලන් කෙබිනාට්ෂිපි (බොට්ස්වානා) – මීටර් 400
  • ජොෂ් කර් (ග්‍රේට් බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය) – මීටර් 1500, මීටර් 3000
  • රුමේෂ් තරංග (ශ්‍රී ලංකාව) – හෙල්ල විසිකිරීම
  • සෙබස්තියන් සාවේ (කෙන්යාව) – මැරතන්
  • ජකොබේ තාර්ප් (එක්සත් ජනපදය) – මීටර් 110 කඩුලු පැන දිවීම



කාන්තා අංශයේ නාම යෝජනා

  • තිග්ස්ට් අසෙෆා (ඉතියෝපියාව) – මැරතන්
  • චේස් ජැක්සන් (එක්සත් ජනපදය) – යගුලිය විසිකිරීම
  • මෙලිසා ජෙෆර්සන් වුඩන් (එක්සත් ජනපදය) – මීටර් 100, මීටර් 200
  • ඇග්නස් න්ගෙටිච් (කෙන්යාව) – අර්ධ මැරතන්
  • මරිලෙයිඩි පෝලිනෝ (ඩොමිනිකන් ජනරජය) – මීටර් 400
  • මරියා පෙරේස් (ස්පාඤ්ඤය) – අර්ධ මැරතන්, ඇවිදීම
  • කැමරන් රොජර්ස් (කැනඩාව) – මිටිය විසිකිරීම
  • මසායි රසල් (එක්සත් ජනපදය) – මීටර් 100 කඩුලු පැන දිවීම
  • ඕඩ්‍රි වේරෝ (ස්විට්සර්ලන්තය) – මීටර් 800
  • යාන් සීයී (චීනය) – හෙල්ල විසිකිරීම

ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය

ඡන්දය ප්‍රකාශ කිරීම සමාන කාණ්ඩ හතරකට බෙදා ඇත. එය ක්‍රීඩාලෝලීන්, ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන් සහ සමස්ත ලෝක මලල ක්‍රීඩා පවුල ලෙස වන අතර සෑම කාණ්ඩයකින්ම සමස්ත ඡන්ද ප්‍රතිශතයට 25% ක දායකත්වයක් හිමිවේ.

අවසන් වටයට තේරී පත්වන හයදෙනා (ක්‍රීඩකයන් 3 ක් සහ ක්‍රීඩිකාවන් 3 ක්) නොවැම්බර් 10 සහ 11 යන දිනවල නිවේදනය කෙරෙන අතර නොවැම්බර් 29 වැනිදා මොනාකෝහි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙල සඳහා ඔවුන්ට ඇරයුම් කරනු ලැබේ. එහිදී ජයග්‍රාහකයින් සජීවීව වේදිකාව මතදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ලෝක මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකයින් දෙදෙනෙකු සහ කලාපීය සංගම් හයෙන් එක් අයෙකු බැගින් ඇතුළත් අටදෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් මෙම නාම යෝජනා තේරීම සිදුකර ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem