ස්කොට්ලන්තයේ ග්ලස්ගොව් නුවරදී පැවැත්වෙන 23 වැනි පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ මූලික වටයේදී පළමු ස්ථානය හිමිකර ගනිමින් එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග අද (30) සමත් විය.
හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ මූලික වටය සඳහා තරගකරුවන් 18 දෙනෙක් සහභාගි වූ අතර ඉන් 12 දෙනෙක් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූහ. එහිදී මීටර් 82.84 ක දුරක් හෙල්ල විසිකළ රුමේෂ්, සමස්ත තරගකරුවන් අතර පළමු ස්ථානයට පත් විය.
මෙම ඉසව්ව සඳහා රුමේෂ් මින් පෙර දක්වා හොඳම පෞද්ගලික දක්ෂතාව මීටර් 92.62 ක් වන අතර මෙහි මූලික වටයේදී රුමේෂ් හැරුණු කොට මීටර් 80 සීමාව ඉක්මවා ගොස් තිබුණේද ක්රීඩකයන් සිවුදෙනෙක් පමණක් වීම කැපී පෙනුණ සිදුවීමක් විය.
අවසන් මහා තරගය
ක්රීඩකයන් 12 දෙනෙක් තරග වදින මෙම ඉසව්වේ අවසන් මහ තරගය ශ්රී ලංකා වේලාවෙන් අනිද්දා (1) අළුයම 12.45 ට ආරම්භ වීමට නියමිතය.
එහිදී ඔහු ලෝක ශූරයන් වන ජර්මානු ජාතික ඇන්ඩසන් පීටර්ස්ට සහ ට්රිනිඩෑඩ් ඇන්ඩ් ටොබේගෝ ජාතික කෙෂරන් වොල්කොට්ට මෙන්ම ඔලිම්පික් ශූරයන් වන ඉන්දීය ජාතික නීරජ් චෝප්රාට සහ පාකිස්තාන ජාතික අර්ෂඩ් නදීම්ට එරෙහිවද තරග බිමට පිවිසෙනු ඇත.
මේ දක්වා ශ්රී ලංකාව මෙවර තරගාවලියේදී එක් රිදී පදක්කමක් දිනා ඇති අතර සෙසු පදක්කම් බලාපොරොත්තු අතර රුමේෂ් ඉදිරියෙන්ම සිටියි. මේ වන විට ඔහු හෙල්ල විසිකිරීමේ ලෝක ශ්රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවේ.
Comments
Moderated before publishing. Your email stays private.