ස්කොට්ලන්තයේ ග්ලස්ගොව් නුවර පැවැත්වෙන 2026 පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට හෙල්ල විසිකිරීමේ ක්රීඩක රුමේෂ් තරංග අද (1) සමත් විය. ඒ හෙල්ල විසිකිරීමේ පිරිමි අවසන් මහ තරගයේදී මීටර් 89.75 ක දක්ෂතාවක් දක්වමිනි.
මූලික වටයේදී මීටර 82.84 ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් මෙම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. අවසන් මහ තරගයේ දෙවැනි උත්සාහයේදී ඔහු සිය ජයග්රාහී විසිකිරීම වාර්තා කළ අතර ඔහුගේ සෙසු උත්සාහයන් 5 ම අසාර්ථක උත්සාහයන් බවට පත්විය.
මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ද්විත්වයම ඉන්දියාව සතුවූ අතර නීරජ් චෝප්රා (මීටර් 85.83) සහ යෂ් වීර් සිං (මීටර් 85.41) පිළිවෙළින් එම පදක්කම්වලට හිමිකම් කීහ.
මෙය මෙවර පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී ශ්රී ලංකා ක්රීඩකයකු දිනාගත් දෙවැනි පදක්කම වන අතර මින් පෙර පැරා ක්රීඩක පාලිත බණ්ඩාර පිරිමි එෆ්.42-44 / එෆ්.61-64 කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
Comments
Moderated before publishing. Your email stays private.