ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලවලට සිදුවූ හානිය ප්රතිපූර්ණය කිරීම සඳහා ඔහුට වන්දි මුදලක් පිරිනැමීමට තුර්කි ගුවන් සේවය එකඟතාව පළ කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) සිවිල් ගුවන්සේවා අධිකාරී පරිශ්රයේදී පවත්වා තිබේ.
උසස් නිලධාරීන්ගේ සහභාගීත්වය
වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති විශ්රාමික කර්නල් රංජිත් රාජසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙන්ම තුර්කි ගුවන් සේවයේ නියෝජිතයින්ද එක්ව සිටියහ.
කනගාටුව පළ කිරීම
එහිදී රුමේෂ් තරංගගේ ක්රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයේ නියෝජිතයින් සිය කනගාටුව පළ කර සිටි ඇති අතර ඊට අදාළ හානිය වෙනුවෙන් වන්දි මුදලක් පිරිනැමීමටද මෙලෙස එකඟතාව ලබා දී ඇත.
Comments
Moderated before publishing. Your email stays private.