Swipe left or right to navigate stories
රටම එකට ජාතික මෙහෙයුමෙන් වැටලීම් එක්ලක්ෂ හැට හත්දහසක්

රටම එකට ජාතික මෙහෙයුමෙන් වැටලීම් එක්ලක්ෂ හැට හත්දහසක්

පසුගිය වසරේ (2025) ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලද "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා වැටලීම් එක්ලක්ෂ හැට හත්දහස් හයසිය හැත්තෑ හතරක් (167,674) ක්‍රියාවට නංවා ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව මෙම වැටලීම් සිදුකළ බව ඒ් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා පැවැසීය.

එම වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1935 යි ග්‍රෑම් 393 ක්, අයිස් කිලෝග්‍රෑම් 1989 යි ග්‍රෑම් 817 ක්, කොකේන් කිලෝග්‍රෑම් 271 යි ග්‍රෑම් 434 ක්, ගංජා කිලෝග්‍රෑම් 5435 යි ග්‍රෑම් 645 ක්, කුෂ් කිලෝග්‍රෑම් 430 යි ග්‍රෑම් 233 ක් සහ මත්පෙති කරල් ලක්ෂ 15 ක් පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබී ඇතැයිද වුට්ලර් මහතා කියා සිටියේය.

වැටලීම් ඔස්සේ සැකකරුවන්ට 2746 දෙනෙකු අත්අඩංගුවට ‌ගෙන ඇති බවත්, ඒම සැකකරුවන් ගෙන 2022 ක් පුනරුත්ථාපන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් පැවසූ වුට්ලර් මහතා,එහිදී සැකකරුවන් 315 දෙනෙකුගේ වත්කම් සහ ඔවුන් උපයා ගත් දේපළ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයිද කියා සිටියේය.

එවැනි වැටලීම් ස‍ඳහා පොලිසිය විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇති බැවින් ඕනෑම ආකාරයක සමාජ විරෝධී හෝ නීති විරෝධී කටයුත්තක් සිදුවනවා නම් ඒ සම්බන්ධව කඩිනමින් 1818 අංකය අමතා පොලිසිය දැනුවත් කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.



"රටම එකට" වැඩපිළිවෙළ

මෙරට තුළ සිදුවන අනතුරුදායක මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සහ මුලිනුපුටා දැමීම සඳහා රජයේ ජාතික මට්ටමේ මැදිහත්වීමක් ලෙස "රටම එකට" ජාතික මෙහෙයුම 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලදී.

මෙම මුලපිරීම ජාතික මෙහෙයුම් කමිටුවක් මගින් කළමනාකරණය කරනු ලබන අතර ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, රේගුව සහ විවිධ රාජ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව මෙයට දායකත්වය සපයයි.

මහජන සහභාගීත්වය දිරිමත් කිරීම සහ මෙතෙක් කලක් ජාවාරම්කරුවන්ට සහාය දුන් රාජ්‍ය ආයතන තුළ සිටින දූෂිත නිලධාරීන් ඉවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem