දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා 8 ක් යටතේ මෙම අධිචෝදනා පත්ර ඉදිරිපත් කර ඇත.
අදාළ අධිචෝදනා පත්රය මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර විත්තිකරුවන්ට එම චෝදනා පත්ර භාරදීම සඳහා ඉදිරියේදී අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියමිතව තිබේ.
එල්ල වී ඇති චෝදනා
2006 වසරේ සැප්තැම්බර් මස 1 වැනිදා සහ 2007 වසරේ ජූනි මස 8 වැනිදා අතර කාලසීමාව තුළ ශ්රී ලංකා නාවික හමුදාවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂ මහතාට අයුතු සහගත ලෙස බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලයේ 'Royal Navy Young Officers Course' පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් රජයට පාඩුවක් සිදු කළ බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම අදාළ ක්රියාව හරහා අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.