Swipe left or right to navigate stories
යොවුන් ඔලිම්පික් උළෙලේදී ළහිරු අචින්ත රිදී පදක්කමක් දිනාගනී

යොවුන් ඔලිම්පික් උළෙලේදී ළහිරු අචින්ත රිදී පදක්කමක් දිනාගනී

සෙනගාලයේ ඩකාර් නුවරදී පැවැත්වෙන 4 වැනි යොවුන් ඔලිම්පික් උළෙලේදී මීටර් 1500 පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත ඊයේ (09) සමත් විය.

විනාඩි 3 යි, තත්පර 59.08 ක කාලයකින් තරගය නිමා කරමින් ළහිරු එම පදක්කමට හිමිකම් කී අතර එහි රන් පදක්කම (විනාඩි 3:58.73) ඉතියෝපියාවටත්, ලෝකඩ පදක්කම (විනාඩි 3:59.70) ස්පාඤ්ඥයටත් හිමි විය.

පළමු වට දෙකේදී තරගයේ පෙරමුණේ ගමන් ගත්තද, ඉන් අනතුරුව තරමක පසුබෑමකට ලක්වූ ළහිරු, අවසන් වටයේදී කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණෙමින් දෙවැනියා ලෙස තරගය නිමාවට පත් කළේය.



යොවුන් ඔලිම්පික් දෙවැනි පදක්කම

මෙය එදා මෙදා තුර යොවුන් ඔලිම්පික් උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට හිමිවූ දෙවැනි පදක්කම වන අතර ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාවට හිමිවූයේ 2018 වසරේදීය.

මීගමුව මාරිස්ටෙලා විදුහලේ පාරමී වසන්ති මීටර් 2000 බාදක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කියමින් ශ්‍රී ලංකාවට පළමු වරට යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනා දුන්නාය.

මෙවර යොවුන් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5 දෙනෙක් සහභාගි වූ අතර ඔවුන්ගෙන් පදක්කමක් කරා යෑමට හැකි වූයේ රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ ළහිරුට පමණි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem