ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් හරිත හා තිරසර වෙළෙඳ ප්‍රවේශයක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ව්‍යාපෘතියකට අදාළව යුරෝ මිලියන 10ක (රුපියල් බිලියන 3.2කට අධික) මූල්‍ය ප්‍රදානයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ මූල්‍ය ප්‍රදාන ගිවිසුමට දෙපාර්ශ්වය නුදුරේදීම අත්සන් තැබීමට නියමිතය.
මෙම සමස්ත සංවර්ධන ව්‍යාපෘතිය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිරි වසර 4ක කාලසීමාව තුළ අදියරගතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අපනයන ක්ෂේත්රය සවිබල ගැන්වීම
මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ දේශීය නිෂ්පාදකයින්ට සහ අපනයනකරුවන්ට යුරෝපා සංගමයේ වෙළෙඳපොළ වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට මංපෙත් විවර කර දීමය.
මෙම ව්‍යාපෘතිය හරහා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසර හිතකාමී සහ තිරසර වෙළෙඳ ක්‍රමවේද මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම, යුරෝපා සංගමයේ දැඩි තත්ත්ව හා ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව දේශීය භාණ්ඩ නිෂ්පාදනය සඳහා මෙරට ආයතන සතු ධාරිතාව ඉහළ නැංවීම සිදු කෙරෙනු ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගම් සාමාජික රටවල් අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා වඩාත් උසස් මට්ටමකට ගෙන ඒමද මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය වනු ඇත.
Comments
Moderated before publishing. Your email stays private.