Swipe left or right to navigate stories
මෙට්‍රික් ටොන් 3,000ක ලාෆ් ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

මෙට්‍රික් ටොන් 3,000ක ලාෆ් ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

පසුගිය දිනවල වෙළෙඳපොළේ පැවති ගෑස් හිඟයට විසඳුම් ලබාදෙමින්, මෙට්‍රික් ටොන් 3,000කට අධික ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වී ඇති බවත්, ඒ අනුව ගෘහස්ථ සහ වාණිජ පාරිභෝගිකයින් වෙත ගෑස් සිලින්ඩර් බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බවත් ලාෆ් ගෑස් සමාගම නිවේදනය කරයි.

නව ගෑස් තොගය ගොඩබෑමත් සමඟ සැපයුම් ජාලය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී ඇති බව සමාගම නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ.

ගෘහස්ථ මෙන්ම වාණිජ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන් අඛණ්ඩව සපුරාලීම තහවුරු කිරීම සඳහා මෙම ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අදියර කිහිපයක් යටතේ දිවයින පුරා සිදුකිරීමට ලාෆ් ගෑස් සමාගම සැලසුම් කර තිබේ.



අලෙවිසැල් වෙත යාමට පෙර පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

අලෙවි මධ්‍යස්ථාන අසල සිදුවිය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා, ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමට පිටත්ව යාමට පෙර ඒවායේ තොග පවතින බවට තහවුරු කරගන්නා ලෙස සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව තම ප්‍රදේශයේ ගෑස් තොග පිළිබඳ නිවැරදි තොරතුරු දැනගැනීම සඳහා ආසන්නතම බලයලත් ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයා අමතන ලෙස හෝ 1345 යන ලාෆ් ගෑස් ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදු කරන ලෙස සමාගම පාරිභෝගික ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem